DVA ශ්‍රී ලංකා දියත් කරනු ලබන වැඩසටහන්
ශ්‍රී ලංකාව මේ ලෝකයේ දීර්ඝතම කාලයක් බුදුදහම අකණ්ඩව පැවති රට හැටියට නම් කිරීමට පුළුවන. අද වන විට ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 21 වන අතර ඉන් මිලියන 15 බෞද්ධයෝ වෙති. පසුගිය අවුරුදු තුනහමාරක කාලයක් මුළුල්ලේ Dharma voices for animals සංවිදානය විසින් රට පුරා ජනතාව නිර්මාංශ ආහාර ගැනීමට දිරිගැන්වීමේ වැඩසටහන් පෙළක් පවත්වාගෙන යමින් සිටී.
DVA යාවත්කාලීන කරන ලද සත්ව සුභසාධන පනත් කෙටුම්පත සම්මත කරගැනීමට කටයුතු කරමින් සිටී
ප්රජාතන්ත්රවාදී රටක් වුවද ශ්‍රී ලංකාව අනෙකුත් ප්රජාතන්ත්රවාදී රටවල් සමග බැලූ විට සතුන් සුරැකීම සම්බන්ධයෙන් ඉතා පසුපසින් සිටින බව කණගාටුවෙන් වුවද පිළිගත යුතුය. දැනට ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන සත්ව සුබසාදන පනත 1907 දී සම්මත කල පිටු දෙකකට සීමාවූ වර්තමාන සමාජයට කිසිසේත් නොගැලපෙන පනතකි. දැන්, අවුරුදු 114 ට පසුව හෝ සියලු සතුන්ගේ යහපත සැලසෙන පරිදි නව සත්ව සුබසාදන පනතක් සම්මත කර ක්‍රියාත්මක කරමින් අනෙක් ප්රජාතන්ත්රවාදී රටවල් සමග එකතු වීමට කාලය එලඹි ඇත.
2006 වසරේ නීති කොමිසම මගින් ගෙන ආ සත්ව සුබසාදන පනත සම්මත කිරීමේ කටයුතු ඉතා මන්දගාමීව සිදුවූ බැවින් DVA සංවිධානය එමකටයුතු කඩිනමින් සිදුකරගැනීමට අවුරුදු පහක කාලයක් තිස්සේ අකණ්ඩව උත්සහ දරමින් සිටිමු. පසුගිය මාස හය තුල සත්ව සුබසාදන පනත ලංකාවේ පාර්ලිමේන්තුව තුල ඡන්දය විමසීමකට ලක්කිරීම දක්වා ගෙන ඒමට අපි උපරිම වාශයෙන් දායක වූයෙමු. එය බොහෝවිට පෙබරවාරි හෝ මාර්තු මාස තුල සිදු විය හැක. මේ සදහා ප්‍රසිද්ධියේ සහය ලබාදුන් සියලුම දුරදර්ශි පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුටම අපගේ හදපිරි ස්තුතිය පිරිනමමු.
We will continue to provide updates on the progress of the proposed legislation.
DVA හි දෙවන වාර්ෂික ආසියානු බෞද්ධ, සත්ව අයිතිවාසිකම් සමුළුව
2017 ඔක්තෝම්බර් 26 වන දින 700ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් DVA හි දෙවන වාර්ෂික ආසියානු බෞද්ධ සත්ව අයිතිවාසිකම් සමුළුව, කොළඹ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැත්විණි. එහිදී නිල වශයෙන් අපි අපේ ශ්‍රී ලංකා ව්‍යාපෘතිය දියත් කළ අතර එය වසර දෙකකට පමණ පසු මේවන විට ශක්තිමත් වෙමින් පවතී. එහිදී පැවැත්වූ දේශනයන් සහ පැනෙල් සාකච්චා මගින් නිර්මාංශ ආහාර ගැනීමේ වැදගත්කම වඩාත් ඉස්මතු කෙරිණි. වම්පස ඇති ඡායාරූපය DVA සභාපති / ප්‍රධාන විධායක බොබ් අයිසැක්සන් ප්‍රධාන දේශනය කරන අතර දකුණු පස ඇති ඡායාරුපයෙන් එවකට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය මහතා දැක්වේ. තමා මාංශ අනුභව නොකරනෙක් බවත් DVA හි ශ්‍රී ලංකා ව්‍යාපෘතියට පූර්ණ සහය දක්වීමට කටයුතු කරන බව පැමිණ සිටි 700 පමණ ජනතාව සහ රූපවාහිනී සහ පුවත්පත් මද්‍යය ඔස්සේ සම්බන්ද වන සියලන් අමතමින් පැවසීය. බොබ් කය්ටෝන්ගේ ප්‍රධාන දේශනය අපගේ ෆේස්බුක් පිටුවේ දැක ගත හැකිය.
දහම් පාසල් වැඩසටහන්
පසුගිය වසර තුනක කාලය තුළ DVA විසින් ශ්‍රී ලංකාවේ බෞද්ධ දරුවන්ගෙන් 80% ක් පමණ සහභාගී වන ඉරිදා දහම් පාසල්වල නිර්මාංශ ආහාර රටාවේ වැදගත්කම පිළිබදව දේශන ඉදිරිපත් කිරීම් සිදු කරනු ලැබේ. අපි ඍජුවම දරුවන්ට, ඔවුන්ගේ දෙමාපියන්ට හා ගුරුවරුන්ට නිර්මාංශ ආහාර රටාවක වැදගත්කම සහ එහි ප්රතිලාභ ගැන දැනුවත් කරමින් සිටිමු.
යාවත්කාලීන කිරීම: අපට, කලාපීය (දහම් පාසල්) සම්බන්ධීකාරකවරුන් දෙදෙනෙකු වන අනුරාධපුරයේ ඩබ්ලිව්. ඒ. ධර්මරත්න සහ ගාල්ලේ කෙපිටි අරච්චිගේ යන මහත්වරුන් සම්බන්ද කරගැනීමෙන් අපේ වැඩසටහන වඩාත් පුලුල්කරගනීමට හැකිවිය. ශ්‍රී ලංකාව පුරා ප්‍රදේශ හතක සම්බන්ධීකාරකවරුන් පත්කර කර ගැනීම තුලින් ඔවුන් හරහා රට පුරා වෙසෙන ජනතාව වෙතට අපේ වැඩසටහන සමීප කිරීමට අපට හැකි විය.
අපගේ නව ප්‍රාදේශීය සම්බන්ධීකාරකවරුන් දෙදෙනාට අමතරව, අපගේ ප්‍රවීණයන් පස්දෙනාට ඇතුළත් වන්නේ: කේ.ඩී.ජී. රත්නායක – කුරුණෑගල , කව්ශල්‍යා ලක්මිනි – බලන්ගොඩ , වීෂ්නවි බාලක්‍රිෂ්ණන් – යාපනය , චන්ද්‍රතිලක ගුණරත්න සහ සුරංග උදය කුමාර – ගම්පහ.


අපගේ සජීවී වැඩසටහන් අතරට PowerPoint ඉදිරිපත්කිරීම්, අපගේ කෙටි චිත්‍රපටය (Dharma Voices for Animals Sri Lanka Project: “Heart or Tongue?”) පෙන්වීම ද ඇතුළත් කර ඇත. ශ්‍රී ලංකාව යුරෝපීය ආක්‍රමණ හා බලපෑමේ වලට පෙර බොහෝ දුරට නිර්මාංශ රටක් වූ බවත් ඉතිහාසය පුරාවටම ලාංකිකයන් සත්ව හිංසනය පිළිකුල් කල ජාතියක් බවත් අපි අපේ වැඩසටහන් තුලින් අවදාරණය කරමු. අප විසින් සහාගීවන්නන්ට ලබාදෙන පිටු හයකින් යුත් අත්පත්රිකාවේ, ශාක පදනම් කරගත් ආහාර වේලක් ලබාගත යුත්තේ ඇයි ද යන්න මානව පැහැදිලි කර ඇත.
- බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සියලු සතුන් වෙත අනුකම්පාව, කරුණාව සහ අහිංසාව දැක්වීමේ ඉගැන්වීම් පුහුණු කිරීම.
- දරුවන්ගේ, පවුල්වල සහ පුද්ගලයන්ගේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීම.
- ගෝලීය උණුසුම වැනි පාරිසරික විපත් වල බලපෑම අවම කිරීම.
අපගේ කණ්ඩායම් ඉදිරිපත් කිරීම් වෛද්‍යවරුන්, සොල්දාදුවන් සහ ගොවීන් කෙරෙහි ද අවධානය යොමු කර ඇත. මේ වසර මුලදී DVA හි ශ්‍රී ලංකා ව්‍යාපෘති කණ්ඩායම සහ අපගේ ව්‍යාපෘතියේ ජෙෂ්ය්ට උපදේශක ආනන්ද මහින්කන්ද විසින් යුද කදවුරක සොල්දාදුවන් 1200 කට වැඩි පිරිසකට ඉදිරිපත් කිරීම් සිදු කළහ. එම වැඩසටහනට ඔවුන්ගෙන් ලැබුණු ප්‍රතිචාර ඉතාමත් යහපත් වන අතර නිර්මාංශ ආහාර වලට පරුදු වීමට අදහස් කරන බවද ඔවුන් අපට දැන්වීය.

2019 ඔක්තෝම්බර් 10 වන දින ශ්‍රී ලංකා හමුදාවේ සොල්දාදුවන් සඳහා DVA විසින් ශ්‍රී ලංකාවේ මධ්‍යම කොළඹ පිහිටි නෙලුම් පොකුන මහින්ද රාජපක්ෂ රඟහලේදී විශාල උත්සවයක් පැවැත්වීය. පැය තුනකට වැඩි කාලයක් සොල්දාදුවන් 1300 කට වැඩි පිරිසක් ශාක පදනම් කරගත් ආහාරයක වටිනාකම පිළිබදව අප කල ඉදිරිපත්කිරීම් වලට ඇහුම්කන් දුන් අතර ඔවුන්ගෙන් වැඩසටහන පිලිබදව අප අපේක්ෂා කළාටත් වඩා හොද ප්‍රතිචාර ලැබුණි.
වෛද්‍යවරුන්ගේ කීර්තිමත් සංවිධානයක් වන GMOA (රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය) වෙත අප ඉදිරිපත් කල වැඩසටහන් කිහිපයකට සහබාගී වූ ඔවුන් ශ්‍රී ලාංකිකයන් සඳහා පූර්ණ නිර්මාංශ ආහාර වේලක් වඩාත් සුදුසු බව නිර්දේශ කිරීමට කටයුතු කරන බව දන්වා ඇත.
DVA හි ශ්‍රී ලංකා ව්‍යාපෘති කණ්ඩායමට වෛද්‍ය චමිත් නනායකකරගේ නායකත්වයෙන් යුත් පශු වෛද්‍යවරුන් පිරිසක් ද ඇතුළත් වන අතර ඔවුන් කිසිදු වියදමකින් තොරව සතුන්ට ප්‍රතිකාර කරනු ලැබේ. පන්සල්වල හා ආරාමවල වෙසෙන සතුන්ට ප්‍රතිකාර කිරීම්, දහම් පාසල් සඳහා වැඩසටහන් ඉදිරිපත් කිරීම් සහ සෑම පාසලකම නිර්මාංශ කණ්ඩායම් සංවිධානය කිරීම් වැනි විශාල වැඩ සටහන් රැසක් ඔවුන් සංවිදානය
DVA සතුව ඉතා ක්‍රියාශීලී ශ්‍රී ලාංකික ෆේස්බුක් පිටුවක් ඇත. Facebook.com/DVA Sri Lanka, අප මිලියනයකට අධික ජනතාවක් කරා ළඟා වන්නේ ශ්‍රී ලංකාව ශාක පදනම් කරගත් ආහාර වේලක් වෙත ගෙන යන ගමනුයි. ඔබට අපගේ ෆේස්බුක් පිටුවට Like කල හැකි අතර, පෝෂණය, විශිෂ්ට ආහාර සහ DVA ශ්‍රී ලංකාව පුරා සංවිදානය කරන ක්‍රියාකාරකම් පිළිබඳ යාවත්කාලීන කිරීම් ලබා ගත හැකිය.
පුවත්පත්
අපගේ 2018 මැයි මස 5 දින සත්ත්ව ආහාර වලින් තොර අයිස්ක්‍රීම් කොළඹ වීදිවල බෙදාහැරීම කටයුතු කිරීම සහ අපගේ 2017 ඔක්තෝබර් 26 වැනි දින පැවැත්වූ “සත්ව අයිතිවාසිකම් සමුළුව” වැනි DVA සංවිදානය කල වියපෘති, ප්‍රධාන පුවත්පත්වල මුල් පිටුවල පලකෙරුනු අතර ජාතික රූපවාහිනිය මගින් ද පුවත් ලෙස ආවරණය කර ඇත. ලිපි සහ කතුවැකි DVA සඳහා සහාය වූ අතර අපගේ පණිවිඩය ජාතික පුවත්පත්වල පළ විය.
http://www.dailymirror.lk/92061/repeat-of-olcott-era-dharma-voices-for-animals
http://www.dailynews.lk/2018/11/05/tc/167472/“you-just-need-change-your-mentality”
http://www.dailynews.lk/2018/08/31/features/161236/plant-power
DVA හි ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් සමඟ පුවත්පත් සාකච්ඡාවක් 2019 ඔක්තෝබර් 8 වන අඟහරුවාදා පැවැත්විණි.
විශේෂ වැඩසටහන්
සමාජය විසින් සිදු කරනු ලබන සත්ව හිංසාවන් පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා අපි විශේෂ වැඩසටහන් පවත්වමු.
කොවිඩ් 19 අර්බුදය ශ්‍රී ලංකාව තුල උග්‍ර වන හෙයින් බොහෝ සුනඛයන් ලංකාවේ වීදිවල කුසගින්නේ සිටිති. අපගේ ස්වේච්ඡා සේවකයන්ගේ සහාය ඇතිව DVA හි කාර්ය මණ්ඩලය එක්වී බොහෝ සුනඛයින් පෝෂණය කිරීමට උදව් කරයි.

2018 මැයි 5 වන දින DVA හි ස්වේච්ඡා කණ්ඩායම විසින් කොළඹ වීදිවල එළකිරි රහිත අයිස්ක්‍රීම් 2500 ක් නොමිලයේ බෙදාහරින ලදී.

ස්වේච්ඡා සේවකයින්
ඔබ ස්වේච්ඡාවෙන් DVA සමග එක්ව සතුන්ට උදව් කිරීමට, ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට හෝ යෝජනා ලබා දීමට අවශ්‍ය නම් කරුණාකර DVA හි ශ්‍රී ලංකා ව්‍යාපෘති අධ්යක්ෂ ශානිකා ගමගේ email හරහා අමතන්න: shanika@dharmavoicesforanimals.org.
භන්තේ සති : DVA හි ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ සම සම්බන්ධීකාරකභන්තේ සති (හිමි) යනු ශ්‍රී ලංකා-ඇමරිකානු තෙරුන්වහන්සේ නමකි. ඔහු අපගේ ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ සම අධ්‍යක්ෂකවරයා වන අතර DVA හි මිනසෝටා පරිච්ඡේදයේ නායකයා මෙන්ම DVA හි අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකි. අපගේ පණිවුඩය ශ්‍රී ලාංකිකයින්ට පුවත්පත්වල සහ රූපවාහිනියෙන් ලබා දීමට උන්වහන්සේ දායක වී තිබේ. |
DVA හි නව ශ්‍රී ලංකා ව්‍යාපෘති අධ්‍යක්ෂිකා![]() DVA හි නව ශ්‍රී ලංකා ව්‍යාපෘති අධ්‍යක්ෂිකා ශානිකා ගමගේ මහත්මිය, 2018 සිට DVA හි දහම් පාසල් සම්බන්ධීකාරක සහ එවකට ජාතික වියපෘති අධීක්ෂක ලෙස සේවය කර ඇත. ඇය 2016 දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය උපාධිය ලබා ගත් අතර ඕස්ට්‍රේලියාවේ පර්යේෂණ හා මනෝ විද්‍යාව අද්‍යනය කරමින් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සඳහා සැලකිය යුතු වැඩ කොටසක් සම්පූර්ණ කර ඇත. ඇයගේ අධීක්ෂණය යටතේ DVA විසින් ශ්‍රී ලංකාව පුරා දහම් පාසල් තුන්සියයකට අධික සංඛ්‍යාවක සහ වෙනත් ස්ථානවල වැඩසටහන් ඉදිරිපත් කිරීම් සිදු කර ඇත. ඇය කුඩාකල සිටම දහම් පාසැල් අද්යාපනය ලබා ඇති අතර වයස අවුරුදු 18 වන විට වසර 11ක දහම් පාසල් පාටමාලාව හදාරා අවසන් කරන ලදී. ක්‍රියාකාරී බෞද්ධ කාන්තාවක් වන ශානිකා ගමගේ මහත්මිය හැකි සෑම විටම භාවනා වැඩසටහන් වලට සහභාගී වේ. ඇය නිර්මාංශ ආහාර රටාවකටක් අනුගමනය කරන ආදර්ශමත් කාන්තාවකි. අහිම්සාව තමාගේ ජීවන ප්‍රතිපතිය කරගත් ඇය සියලු ජීවීන්ට කරුණාව දක්වමින් DVA සංවිදානය වෙත තමා ක්‍රියාකාරිත්වය සපයා ඇත. |