DVA ශ්‍රී ලංකා ව්‍යාපෘතිය

View this page in English

සතුන් වෙනුවෙන් දහම් හඬ අපි, ශ්‍රී ලාංකික ඔබ සියලුම දෙනාටම මෛත්‍රිය පතුරුවන්නෙමු.

දීර්ඝ කාලයක් තිස්සේ අඛන්ඩව බුදු දහම පවතින ලෝකයේ රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වනු ලබයි. වර්තමාන ලාංකික ජනගහනය මිලියන 22ක් පමණ වන අතර ඉන් මිලියන 16ක් පමණ පිරිසක් බෞද්ධයෝ වෙති.

පසුගිය වසර ගණනාව තිස්සේ, සතුන් වෙනුවෙන් දහම් හඬ (DVA) සංවිධානය, කරුණා - මෛත්‍රිය සහගත ආහාර රටාව ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය තුළින් මතු කරලීමේ උතුම් අරමුණ පදනම් වූ ව්‍යාපෘතියක නිරත වී සිටී. අපගේ ප්‍රාදේශීය සම්බන්ධීකාරකයන් විසින් ශ්‍රව්‍ය - දෘෂ්‍ය මාධ්‍ය භාවිතයෙන් කෙරෙන දේශන සාකච්ඡා මගින් මේ ගැන ජනතාව අවබෝධයට පත් කෙරෙන ඉදිරිපත් කිරීම් දිවයිනම ආවරණය වන පරිදි අඛණ්ඩව සිදු කරනු ලබයි. ඊට සමගාමීව සිතුවම් නිර්මාණ, ගවේෂණාත්මක ඡායාරූප, කථික, සාහිත්‍යය ආදී සෞන්ධර්‍යාතමක ශිල්ප ක්ෂේත්‍රයන්ගේ ප්‍රදර්ශන සහ තරඟ පවත්වමින් ද නිර්මාංශික ආහාර පිසීමේ ප්‍රදර්ශන, නිර්මාංශික ආහාර කර්මාන්තයේ නියැලෙන්නන්ගේ නිෂ්පාදන ඇතුලත් ප්‍රදර්ශනාත්මක ආහාර උත්සව (VegFests) පවත්වමින් ද ඒ සඳහා ඉදිරිපත් වී සක්‍රිය සහභාගීත්වයක් දක්වන ජනතාව ඇගයීමට ලක් කරනු ලබයි. එයට අමතරව සූප ශාස්ත්‍රය ගැන රූපවාහිනී වැඩසටහනක්, ගුවන්විදුලි වැඩසටහනක් විකාශනය කරනු ලබයි. එමෙන්ම ජනතාව කෙරෙන් ඈත්ව ගොස් තිබෙන දේශීය නිර්මාංශ සූප ශාස්ත්‍රය අඩංගු පොත් ද, වාර්ෂික දින දර්ශන ද දහස් ගණනක් බෙදා හරිමින් කරුණාව සහ මෛත්‍රිය සහගත වන ආහාර රටාව ගැන දිරි ගැන්වීම සිදු කරනු ලබයි.

 මීට අමතරව DVA සතු ශ්‍රී ලාංකික ෆේස්බුක් පිටුව හරහා අප විසින් වාර්ෂිකව ශ්‍රී ලාංකික ජනතාව මිලියනයකට වැඩි ප්‍රමාණයක් සමීපව ආමන්ත්‍රණය කරමින් ශාක පාදක ආහාර වේලකට යොමු කරනු ලබයි.

Seven young boys in orange robes descending a brick staircase, surrounded by brick walls.

ඉරු දින දහම් පාසල් වැඩසටහන

DVA විසින් ශ්‍රී ලාංකික බෞද්ධ දරුවන්ගෙන් 80%ක් පමණ සහභාගී වන ඉරු දින දහම් පාසල්වල ශ්‍රව්‍ය-දෘෂ්‍ය මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීම සහිත දේශන පවත්වමින් සිටින්නෙමු. එහිදී දරුවන්ට, ඔවුන්ගේ දෙමාපියන්ට සහ ගුරුවරුන්ට තමන්ගේ ආහාර වේලෙන් සතුන්ගේ මස් සහ සත්ව නිෂ්පාදන ඉවත් කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන අවබෝධය ලබා දෙන්නෙමු.

අපගේ ශ්‍රී ලංකා ව්‍යාපෘතිය මඟින් සිදු කරනු ලබන දැනුවත් කිරීමේ වැඩසටහන්වලට අප විසින් නිර්මාණය කරන ලද Heart to Tonge කෙටි චිත්‍රපටය ද යොදා ගනු ලැබේ. තවද බ්‍රිතාන්‍යය යටත්විජිතයක් බවට පත් වීමට පෙර ලංකාව තුළ පැවැති ස්වයංපෝෂිත නිර්මාංශික ආහාර රටාව පිළිබඳව දැනුවත් කරන අපි නැවත ඒ සඳහා යොමු වන්නට ආරාධනා කරන්නෙමු. මීට සමගාමීව පි‍ටු හයකින් සමන්විත DVA අත් පත්‍රිකාව මඟින් ද ඔබට නිර්මාංශික ආහාර රටාවක ඇති වැදගත්කම පහත කරුණු ද අතුළත්ව විස්තර කර ඇත.

  1. බුදුන් වහන්සේ අවධාරණය කළ කරුණාව, මෛත්‍රිය සහ හිංසා නොකිරීම පිළිබඳ ඉගැන්වීම්.

  2. දරුවන්ගේ, පවුල්වල සහ පුද්ගලයන්ගේ සෞඛ්‍යමය තත්වය වැඩිදියුණු කිරීම.

  3. ගෝලීය උණුසුම, ජෛව විවිධත්වය වියැකී යාම වැනි පාරිසරික ආපදාවන්හි බලපෑම අවම කිරීම.

A male teacher or instructor speaking into a microphone in a classroom full of female students, with some listening attentively and others looking curious or thoughtful.

දිවයින පුරා කලාපීය සම්බන්ධීකාරකවරුන් 17 දෙනෙකු ස්වෙච්චාවෙන් සම්පත් දායකයින් ලෙස සේවයේ නිරතව සිටිති. ඒ අතර කේ ඩී ජී රත්නායක මහතා - කුරුණෑගල , චන්ද්‍රතිලක් මහතා - ගම්පහ, ප්‍රසාදි හෙට්ටිආරච්චි මහත්මිය - නුවර, ජයරන්ජන් මහතා - මඩකළපුව, වෛෂ්නවී මෙනවිය - යාපනය, චමින්ද වික්‍රමාරච්චි මහතා - නුවර එළිය, සුජීව ක්‍රිෂන්ත මහතා - නුවර, සුබානි සෙනරත් මහත්මිය - කුරුණෑගල, සුරංග උදය කුමාර මහතා ඇතුළු තවත් මහත්ම මහත්මීන් පිරිසක් ද මේ ආකාරයට සම්පත් දායකත්වය ලබා දෙමින් සතුන් වෙනුවෙන් දහම් හඬ පතුරුවන්නට ලංකාව පුරා දේශන පවත්වන්නට සහය ලබා දෙති.


පශු වෛද්‍ය සත්කාර වැඩසටහන

පන්සල් හා ආරාමවල වෙසෙන සතුන් සඳහා නොමිලේ ප්‍රතිකාර ලබා දෙන පශු වෛද්‍යවරුන් ඇතුළත් පිරිසක් ද DVA හි ශ්‍රී ලංකා ව්‍යාපෘති කණ්ඩායමට ඇතුළත් වේ.

A woman holding a tabby cat at a vegan food festival, with a sign in the background.

A Look Back…

2020 දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) වෙත අප විසින් සිදුකළ ඉදිරිපත් කිරීම් කිහිපකින් පසුව ඔවුන් ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා සම්පූර්ණ ශාක මත පදනම් වූ ආහාර වේලක් නිර්දේශ කරන ලදී.

Audience seated in a large auditorium with many empty seats, attending an event or conference.

ශ්‍රී ලංකා හමුදා සෙබළුන් වෙත සිදු කළ වැඩසටහන

2018 දී, ශ්‍රී ලංකා හමුදා සෙබළුන් 1,200කට අධික පිරිසක් වෙත අපගේ දැනුවත් කිරීමේ වැඩසටහනක් පළමු වරට සිදු කෙරිණි. ඉන්පසුව, සෙබළුන් බොහෝ දෙනෙක් අත් ඔසවා නිර්මාංශික ආහාර වේලක් අනුගමනය කිරීම ගැන ඔවුන්ගේ අවනත බව ප්‍රකාෂ කළහ.

දෙවන ඉදිරිපත් කිරීම 2019 ඔක්තෝබර් 10 වන දින කොළඹ නගර මධ්‍යයේ පිහිටි ප්‍රසිද්ධ නෙලුම් පොකුණ රඟහලේදී ශ්‍රී ලංකා හමුදාවේ තවත් සෙබළුන් 1,300 කට වැඩි පිරිසක් වෙනුවෙන් පැවැත්විණි. ශාක පාදක ආහාර වේලක ප්‍රතිලාභ පිලිබඳව පැය තුනකට වැඩි කාලයක් පුරාවට පැවත්වුනු එම වැඩසටහනට ඔවුන් අවධානයෙන් සවන් දුන්හ. එහිදී අප ලද ප්‍රතිචාර අතිමහත්ය.

Illustration of a person in meditation seated cross-legged on a surface with a row of blue water droplets beneath them. The person has a calm facial expression and is made with light green and white line art over a textured green background.

වාර්ෂික දින දර්ශන බෙදා දීම.

බෞද්ධ ප්‍රජාව තුළ පවතින සත්ව හිංසනය ඔවුන්ට පෙන්වා දීම සඳහා අපගේ ප්‍රාදේශීය සම්බන්ධීකාරකවරුන් ශ්‍රී ලංකාව පුරා විශේෂ වැඩසටහන් පවත්වති. ලංකාව පුරා නොමිලේ බෙදා හරින දින දර්ශන කරහා මෙම සුවිශේෂී වැඩසටහන් පිළිබඳව මෙන්ම අප සම්බන්ධ විය හැකි DVA CLUBS පිළිබඳවද විස්තර ඇතුළත් කර ඇත.

A person walking with three dogs on a dirt path in a green, wooded outdoor area. The person is wearing a blue t-shirt with white text supporting animal welfare.

වීදි සුනඛයින් පෝෂණය කිරීම

ශ්‍රී ලංකාවේ බොහෝ සුනඛයින් කුසගින්නේ පසුවන අතර, කොවිඩ්-19 වසංගත සමයේදී තවත් උග්‍ර වූ මෙම අර්බුදය හමුවේ සුනඛයින් පෝෂණය කිරීමේ වැඩසටහනක් අප විසින් ආරම්භ කරන ලදී. DVA කාර්ය මණ්ඩලය හා කැපවූ ස්වේච්ඡා සේවකයින්ගේ සහයෝගය ඇතිව, වසංගතය අවසන් වූ පසුවත් අවශ්‍යතා ඇති අසරණ සුනඛයින් පෝෂණය කරමින් ඒ වැඩසටහන දිගටම පවත්වාගෙන යති.


ඡායාරූප තරඟය 2023

2023 වසරේදී, DVA සංවිධානය රටේ සත්ව සුභසාධන පනත සඳහා සහය දැක්වීමට ඡායාරූප තරඟයක් පැවැත්වීය. එම තරඟාවලිය සඳහා මුල් අදියරේ දී ඡායාරූප 1695ක් DVA වෙත ලැබුණු පසු, අවසාන විනිශ්චය සඳහා අපි 945ක් තෝරා ගත්තෙමු. ජයග්‍රහණය ලැබු තරඟකරුවන් මුදල් සහ වෙනත් ත්‍යාග දිනා ගත් අතර, ඔවුන්ගේ නිර්මාණ සතුන් ආරක්ෂා කිරීම පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම උදෙසා මාධ්‍යය හරහා ප්‍රචාරය කරන ලදී.

Group of people on stage during the Animal Welfare Matters Photography Competition 2023 award ceremony, holding framed photographs of animals, with a large screen displaying the event title in the background.

කලාත්මක පසුවිපරම

2024 දෙසැම්බර් මාසයේදී සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂකවරුන් ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරය අතරතුර, ළමා, තරුණ සහ වැඩිහිටියන් සඳහා බහු මාධ්‍ය කලා ක්‍රියාකාරකමක් ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගාවට පසෙකින් පිහිටි උල්පැන්ගේ පුරාවිද්‍යා පරිශ්‍රයේදී පැවැත්වීය. නිර්මාංශ ආහාර පිළිබඳ කරන ලද දැනුවත් කිරීමේ වැඩසටහන්වලට සහභාගී වූවන් අතරින් නිර්මාණශීලී අය මේ සඳහා සහභාගී වූ අතර, මිනිසුන් සහ මිනිස් නොවන සතුන් අතර ඇති ගැඹුරු සම්බන්ධතාවය ප්‍රකාශ කෙරෙන කතාවක්, කවියක් පබැඳීමට හෝ කලා නිර්මාණයක් සැකසීමට ඔවුන්ගෙන් ඉල්ලා සිටින ලදී. එහිදී එක් සිසුවෙක් ඌරෙකුගේ ජීවිතයේ ස්වරූප දෙකක් නිරූපණය කරමින් අඟනා චිත්‍රයක් ඇඳ තිබුණි: එහි එක් ඌරෙක් ස්වභාවික පරිසරය තුළ නිදහසේ සතුටින් සිටින අතර, අනෙකා කාර්මික ඝාතනාගාරයක පසුබිමක් සහිතව ආහාර නිෂ්පාදනයක් ලෙස සිටින ආකාරය නිරූපණය විය. ඊට අමතරව සහභාගිවූවන්ගේ සාමූහික දායකත්වයෙන් එක් විශාල චිත්‍රයක් නිර්මාණය කළ අතර, එය DVA සභාපති බොබ් අයිසැක්සන්, මෙහෙයුම් අධ්‍යක්ෂිකා ඇන්ඩ්‍රියා ඩයස් සහ ව්‍යාපෘති අධ්‍යක්ෂිකා ශානිකා ගමගේ වෙත පිරිනමන ලදී. සහභාගි වූ සියලුම නිර්මාණකරුවන් වෙත ඇගයීම් සහතික පත්‍ර සහ ත්‍යාග පිරිනමන ලදී.

Young girl in pink dress standing on a balcony next to a drawing of a forest scene with animals including a bear, a dog, a rabbit, and birds, signed by a grade 6 student.
A group of people, including two young girls and three adult men, are engaged in conversation at an outdoor event. The background shows trees and a fence, indicating a park or garden setting.
A young boy in a blue checkered shirt and jeans stands in front of his colorful artwork at an art exhibition, with other artworks and people in the background.
Man speaking at a press conference with multiple microphones in front of him, media logos visible. Background features a blurred logo or screen.

නවීන සත්ව සුභසාධන පනතක් සම්මත කර ගැනීමට DVA සහය

කනගාටුදායක සත්‍යය නම් ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය සමරන රටවල් අතර අහිංසක සතුන් ආරක්ෂා කිරීම සම්බන්ධව ශ්‍රී ලංකාව අවසාන ස්ථානයේ සිටීමයි. දැනට පවතින "සතුන්ට කෲර ලෙස සැලකීම වැළැක්වීමේ ආඥා පනත" නමැති සත්ව සුභසාධන නීතිය 1907 දී සම්මත කර ඇති අතර එය පිටු දෙකකින් සමන්විතය. එහිදී සතුන්ට හිංසා කිරීම සඳහා දඩය ඩොලරයකටත් අඩු මුදලක් ලෙස නියම කර ඇති බැවින් එය තවදුරටත් අදාළ නොවේ. වසර 116කට පසු, අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සමඟ එක්ව නවීන සත්ව සුභසාධන නීතියක් සම්මත කර ගැනීමට කාලය පැමිණ තිබේ.

2006 සිට යාවත්කාලීන කරන ලද නව සත්ත්ව සුබසාධන නීතියක් සම්මත කර ගැනීම දිරිගැන්වීම සඳහා DVA වසර ගණනාවක් තිස්සේ තිරය පිටුපස සිට සහයෝගය දක්වා තිබේ. 2020 සිට අපි ශ්‍රී ලාංකික මහජනතාව සහ අදාළ තීරණ ගන්නා බලධාරීන්ව පනතේ ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කරමින් සිටින අතර එය ඉක්මනින් සම්මත වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මෙම යෝජිත නීතියට ප්‍රසිද්ධියේ සහය දක්වා ඇති දූරදර්ශී හා කරුණාවන්ත ශ්‍රී ලාංකික දේශපාලන නායකයින්ට අපි සියලු දෙනා ඉතා කෘතඥ වෙමු.

පනත සම්මත කර ගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට බලපෑම් කිරීම සඳහා DVA මෑතකදී මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.

තවද DVA විසින් සත්ව සුභසාධන පනත සම්මත කර ගැනීම වෙනුවෙන් කැපවූ, අනුගාමිකයින් 107,000ක් සහිත ෆේස්බුක් පිටුවක් ද ස්ථාපනය කර ඇත. මෙම වැදගත් නීති සම්පාදනය සම්මත වීම පිළිබඳ නවතම යාවත්කාලීන තොරතුරු ලබා ගැනීම සඳහා මෙම පිටුව සමඟ සම්බන්ධ වන්න.

A woman with long dark hair smiling, wearing a black lace top, earrings, and a necklace, with a small flag pin on her shirt, against a plain light background.
  • ශානිකා ගමගේ 2018 වසරේදී දහම් පාසල් වැඩසටහන් සම්බන්ධීකාරකවරිය ලෙස DVA සමඟ සම්බන්ධ වූ අතර, වර්තමානයේදී DVA ව්‍යාපෘති අධ්‍යක්ෂිකාව ලෙස අඛන්ඩව කටයුතු කරනීය. ඇය 2016 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ උපාධිය ලබා ගත් අතර, ඕස්ට්‍රේලියාවේදී පර්යේෂණ හා මනෝ විද්‍යාව පිළිබඳ අවධානය යොමු කරමින් සමාජ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක සැලකිය යුතු කටයුතු නිම කර ඇත. පසුව ශ්‍රී ලංකාවේ කැළණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය සමඟ සම්බන්ධ වී බෞද්ධ ආයුර්වේද මනෝ උපදේශනය පිළිබඳව ශ්‍රාස්ත්‍රපති උපාධිය ලබා ගෙන ඇත.

    ඇගේ අධීක්ෂණය යටතේ, DVA විසින් ශ්‍රී ලංකාව පුරා දහම් පාසල්වල සහ වෙනත් ස්ථානවල දේශන 1000කට වැඩි සංඛ්‍යාවක් පවත්වා ඇත. ඇය කුඩා කල සිට දහම් පාසල් අධ්‍යාපනය ලබා ඇති අතර නිර්මාංශික ආහාර රටාවක් අනුගමනය කරමින්, බුදුදහමට අනුගතව ජීවත් වේ. හැකි සෑම අවස්ථාවකදීම භාවනා වැඩසටහන්වලට සහභාගී වන ඇය සියලු සත්වයන් කෙරෙහි ආදරය කරුණාව දක්වණීය. ඇය 2021 වසරේදී පූර්ණ නිර්මාංශික ආහාර වට්ටෝරු අඩංගු පොත නිර්මාණය කළ අතර එය ශ්‍රී ලංකාව පුරා විහාරස්ථානවලට නොමිලේ බෙදා දෙන ලදී.

A Buddhist monk in a red robe speaking at a microphone.
  • පූජ්‍ය සතින්ද්‍රිය ස්වාමීන් වහන්සේ යනු ශ්‍රී ලාංකික-ඇමරිකානු භික්ෂූන් වහන්සේ නමක් වන අතර, අපගේ ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ සම සම්බන්ධීකාරක මෙන්ම DVA හි විධායක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වේ. පුවත්පත් සහ රූපවාහිනිය හරහා අපගේ පණිවිඩය ශ්‍රී ලාංකිකයන් වෙත ගෙන යාමේදී උන් වහන්සේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත.

    පූජ්‍ය සතින්ද්‍රිය ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන්ම වීගන් ප්‍රතිපත්ති අනුගමනය කරන ඇමරිකානු මධ්‍යස්ථාන අතරින් එකක් වන මිනසෝටා හි ට්‍රිපල් ජෙම් ඔෆ් ද නෝත් හි ප්‍රධාන නායක භික්ෂූන් වහන්සේ ද වේ.

    තවද උන් වහන්සේ සෑම මසකම අවසාන ඉරිදා දින පවත්වනු ලබන DVA හි භාවනා සහ සිහි නුවණ සංඝ හමුව සහ විවේක වැඩසටහන මෙහෙයවයි.

A man with short black hair, wearing a checkered shirt, smiling and standing in front of a wooden backdrop.
  • මහනුවර ප්‍රාදේශීය සම්බන්ධීකාරක ලෙස DVA සමග සම්බන්ධ වූ සුජීව ක්‍රිෂන්ත ගමගේ පසුව ව්‍යාපෘති කළමනාකාර තනතුරට පත් කරන ලදී. පූර්ණ නිර්මාංශික දිවියක් ගත කරන ඔහු බෞද්ධ මනෝ විද්‍යාත්මක සංකල්ප සෞන්ධර්‍යාත්මක ප්‍රවේශයකින් සංනිවේදනය කරමින් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට අදාළ කළමණාකරණ කටයුතු ඉ‍ටු කරයි.

A woman with short, wavy black hair smiling at the camera, standing indoors with colorful flags and a plant in the background.
  • ප්‍රසංගිකා සමන්මලී ජයවීර මහත්මිය විද්‍යාවේදී ඉංජිනේරු උපාධිධාරිනියක් වන අතර ශ්‍රී ලංකාවේ මොරටුව විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් සහිත ඇය, ඉංජිනේරු සේවා අධ්‍යක්ෂිකාවක් සහ උපදේශිකාවක් ලෙස සාර්ථක වෘත්තීය ජීවිතයක් ගොඩනඟා ඇති අතර, තම ක්ෂේත්‍රයේ විශේෂඥතාවය හා නායකත්වය පෙන්නුම් කර ඇත.

    ජයවීර මහත්මිය සමාජීය හා පාරිසරික සුභසාධනය වෙනුවෙන් කැපවී සිටින අතර ඇය සත්ව අයිතීන්, ළමා හා වැඩිහිටි සත්කාරය, උපදේශනය, වැසි වනාන්තර සංරක්ෂණය සහ නැවත වන වගාව වැනි ක්‍රියාකාරකම් සඳහා තම කාලය කැප කරයි.

    සදාචාරාත්මක ජීවන රටාවක් වෙනුවෙන් නොසැලෙන ලෙස පෙනී සිටින ඇය "පිරිසිදු ශාකාහාර" (වීගන්) ජීවන රටාවක් අනුගමනය කරන අතර සිහිය (සති) සහ භාවනාව වැනි බුදු දහමේ භාවිතයන් තම දෛනික දිවියට එක් කර ඇත. මෙම භාවිතයන් ඇගේ පෞද්ගලික වර්ධනය වැඩි දියුණු කිරීමට පමණක් නොව මිනිසුන්, සතුන් සහ ස්වභාවික ලෝකය අතර සංහිඳියාව ඇති කිරීම සඳහා ඇති කැපවීම ද ඉහළ නංවන බව ඇය තරයේ විශ්වාස කරයි.

    මිනිසුන්, සතුන් සහ ගස්වැල් ඇතුළු සියලු ජීවීන් සැප පහසුවෙන් හා සාමයෙන් සහජීවනය කරන ලෝකයක් ජයවීර මහත්මිය දකී. සියලු දෙනාගේ යහපැවැත්ම සහතික කරමින් කරුණාව හා තිරසාර බව වර්ධනය වන පරිසරයක් නිර්මාණය කිරීම ඇගේ අභිලාෂයයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධ කර ගැනීමට

සතුන්ට වෙනුවෙන් හඬක් වීම සඳහා ස්වේච්ඡා සේවයට එක්වීමට කැමති නම්, හෝ ප්‍රශ්න හෝ යෝජනා ඇත්නම්, කරුණාකර DVA හි ශ්‍රී ලංකා ව්‍යාපෘති අධ්‍යක්ෂිකා ශානිකා ගමගේ මහත්මිය අමතන්න: shanik@dharmavoicesforanimals.org.