මාධ්‍ය නිවේදන  – අංක 001

මේ ලෝකයේ මෙන්ම සොබාදහමේද ආශ්චර්යමත් ම නිමැවුම සත්ත්ව ලෝකයයි.

සොබාදහම අංග සම්පූර්ණ කල හැකි සියළු ගුණාංගයන්ගෙන් හෙබි සත්ත්ව ලෝකය ආනාගත ලෝකය වෙනුවෙන් ආරක්ෂා කර දීම අප සැමගේම වගකීමක්.

සත්ත්ව ලෝකයට දැඩිව ඇළුම් කරණ විශාල පිරිසක් අප සමග මේ මානව සමාජයේ ජීවත්වනවා.

එහෙත් ඇතැම් සුළු පිරිසක් විසින් සිදුකරණ හිංසාවන්, මේ සංහිදියාවට දැඩි බලපෑමක්.

බෞද්ධ දර්ශනය මත පදනම්ව ගොඩනැගුනු සංස්කෘතියකට උරුමකම් කියන අප, සතුන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කල යුතු වුවත්, වර්ථමානයේ සත්ත්වයින් සදහා සිදුවන ඇතැම් හිරිහැර, හිංසාවන් පීඩාවන් වලක්වා ගැනීමට තරමක් අසීරු තත්ත්වයක් උද්ඝතව තිබෙනවා.

සතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සැබෑ හඩක් නගන්නට අපට අවශ්‍ය වුවද, දැනට පවතින නීති පද්දතිය, ඇතැම් විට ඒ සදහා බාදා පමුණනවා.

ශතවර්ෂයකට වඩා පැරණි නීති ප්‍රතිපාදන ශක්තිමත් නොවීම නිසා, ඒ වෙනුවෙන් කිසිවක් කිරීමට වර්ථමාන සමාජයට හැකියාවක් නොමැති වීම ඊට හේතුවයි.

දැනට ලංකාවේ පවතින්නේ 1907 වසරේ දී සත්ත්ව අයිතීන් වෙනුවෙන් කෙටුම්පත් කෙරුණු අතිශය සීමාසහිත නීති රාමුවකි.

එම පැරණි නීතිරීති වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට පදනම් වෙමින් සකස් කල නව සත්ත්ව සුබසාධන පනත, නීතියක් ලෙස පාර්ලිමේන්තුවේ සම්මත වීමේ කාර්යයභාරයේ අවසන් අධියරට මේ වන විට පැමිණ තිබෙනවා.

පසුගිය නොවැම්බර් මාසයේදී මේ පිළිබදව කැබිනට් මණ්ඩලයට යෝජනාව ඉදිරිපත් කෙරුණු අතර, කිසිදු විරෝධතාවයකින් තොරව එම යෝජනාව සම්මත වී ඉදිරි කටයුතු සදහා යොමු කෙරුණා.

කෙසේ වෙතත් සියළු ගැටළු බාදක ජය ගනිමින් දෙවන COVID රැල්ලේ තර්ජනයටද ලක් වෙමින් අපහසු සංවර්ධන ඉලක්කයක් වෙත ගමන් කරනා රජය, නව සත්ත්ව සුබසාධන පනත පිළිබද දැක්වූ අනුග්‍රහය අතිශය ප්‍රශංසනනීය මට්ටමක පැවතුනු බව සදහන් කල යුතුමය.

මේ පිළිබදව සමාජ කථිකාවත ඇති කරවීම සහ පෙළඹවීම වෙනුවෙන් Dharma Voices for Animals සංවිධානය බිම් මට්ටමේ විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරණු ලැබුවා.

ඉන් ප්‍රධානතම කාර්යය වූයේ සත්ත්ව සුබසාධන පනතක අවශ්‍යතාවය වෙනුවෙන්, පක්ෂ විපක්ෂ බේදයකින් තොරව වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ කාර්යයි.

එය ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක කෙරුණ අතර මේ වනවිට නව සත්ත්ව සුබසාධන පනතට සහයෝගය දක්වන බවට පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරු 142 කුගේ වීඩියෝ පට අපගේ සාමාජමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව රංගන ශිල්පීන්, ක්‍රීඩකයින් සහ දේශපාලන නායකයින් රැසක්ද දැනුවත් කර ඔවුන්ගේද සහය මෙම සත්ත්ව සුබසාධන පනත වෙත ලබාදෙන බව සදහන් වීඩියෝ පට අප සාමජ මාධ්‍ය තුල මුදාහැර අවසන්.

Dharma Voices for Animals යූ ටියුබ් චැනලය සහ ෆේස්බුක් පිටුව පරිශීලනය කිරීම මගින් එම සියළු වීඩියෝ නැරඹිය හැකියි.

ඉදිරියේදීත් අප මේ වෙනුවෙන් පූර්ණකාලීන වැඩසටහන් රැසක් සැලසුම් කර ඇති අතර, සත්ත්ව සුබසාධන පනත වගකීමක් නොව යුතුකමක් ලෙස සමාජගත කිරීම වෙනුවෙන් සියළු පරිශ්‍රමයන් යෙදවීමට අපේක්ෂා කරන්නෙමු.

ස්තූතියි.

සියළු විමසීම් –

වෛද්‍ය චමිත් නානායක්කාර
උපදේශක කමිටු සාමාජික
0777 226 301

ශානිකා ගමගේ
ශ්‍රී ලංකා අධ්‍යක්ෂ
0740313355